Thursday, September 3, 2020

ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්‍්‍යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් කරුණු



ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්‍්‍යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් වන කරුණු


වර්ථමානයේදී නව ව්‍්‍යාපාරයන් වල ඉතාම සීග්‍ර පිබිදීමක් ඇතිවී තිබෙනවා. බොහෝමයක් ආසියානු රටවල විවිධ භාණ්ඩ හා සේවා සපයන්නේ මේ නව ව්‍්‍යාපාරයන් වලිනුයි, ඒ ඔවුන්ට ඒ සඳහා ගැලපෙන අදහස හා අවස්ථාව ඇති නිසාය. ශ්‍රි ලංකාවේද මේ තත්වය වඩාත් වර්ධනය වෙමින් පවතිනවා, මේය ඉදිරි වසර කිහිපය අතුලත දැනට පවතින ව්‍්‍යාපාරය ප්‍රමාණය මේන් තුන් ගුණයක් දක්වා වැඩිවිය හැකි බවට නිගමනය කෙරෙනවා. Daily Mirror  පුවත් සේවයට අනුව 2022 වන විට නව ව්‍්‍යාපාරයන් ගණන 1000 කින් වැඩි වනවා.


නමුත් මේවයේ අසර්ථක වීමේ ප්‍රමාණය සැලකිල්ලට ගත්විට මේවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම තරමක් අවදානම් පියවරක්. නමුත් නිවැරදි අදහස් හා හැකියාවන් වල සම්ම්ශ්‍රණයක් තුලින් ව්‍්‍යාපාර සාර්ථක කරගන්න පුලුවන්. අලුතින් නව ව්‍්‍යාපාරයක් පටන්ගන්න අවශ්ය කරුණු කිහිපයකුයි මේ.

1.ඉලක්කගත වෙළඳපොල
පාරිභොගිකයා රජුය යන කියමන ඔබ අසා තිබෙනවා, ව්‍්‍යාපාරයකදී පවත්වාගෙන යමේදී එය ඉතාම වැදගත් කියමනක්. ඔබ පිවිසෙන්නට බලපොරොත්තු වෙන වෙළඳපොල දෙස අවධානයෙන් බැලීම පළමු පියවරයි. දැනටත් ක්‍රියාත්මක වන දෙයක් තරමක් වෙනස් විදිහට කිරීමෙන් නැත්නම් තමන්ගේම ක්ෂේත්‍රයක් සොයාගැනීමේන් ඔබටත් ව්‍්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන්.



වැදගත්ම දෙයක් වන්නේ ඔබේ ඉදිරිපත් කරන දේ පවතින වෙළඳපොලට ගැලපීමයි. ඔබේ අදහස ක්‍රියාත්මක කිරීමේදී මුලින් එහි මූලික දේ ගැන වැඩ් අවදානයක් යොමුකරන්න, පමණට වඩා දේවල් ඔබේ පාරිභෝගිකයින්ට අවුල්සහගත වෙන්න පුලුවන්. Daily Mirror අඩවියට අනුව ශ්‍රි ලංකාවේ අංක එකේ නව ව්‍්‍යාපාරය ලෙස Takas පත්ව ඇත්තේ එහි අති ව්ශිෂ්ට ක්‍රියාකාරීත්වය, ඔවුන් කැමති විදිහකට භාණ්ඩ සඳහා ගේවීම් කළහැකි වීම සහ ඔබ කොහේ හිටයත් ඔබේ දොරකඩටම ඒ භාණ්ඩ ගෙන්වාගැනීමට හැකිවීම නිසායි.


2. තරගකාරීත්වය
ඔබ කොතරම් උත්සාහ කලත් තරගකාරීත්වයට මුහුණදීමට ඔබට සිදුවනවාමයි. සෑම ව්‍්‍යාපාරයකටම දැනට පවතින තරගකාරීත්වයට හෝ ඉදිරියේදී අලුතින් ඇතිවන තරගකාරීත්වයකට හෝ අනිවාර්යෙන්ම මුහුණදීමට සිදුවනවා.
විශේෂණය ඔබේ මන්තරය කරගන්න! ඔබේ පාරිභොගිකයින් දිනාගන්න ඔබේ නිශ්පාදනයට වැඩි යමක් එකතු කරන්න නැත්නම් ඔබේ සපයන සේවාවට එහාගිය සේවාවක් නොම්ලේ ලබාදෙන්න. ඔබේ කෙෂ්ත්‍රයේ අනෙක් අයගෙන් ප්‍රවේසම් වීමට නිතරම වගබලාගන්න. කොටස්වූ වෙළපොලවල්, පැරණි සහ යල්පැනගිය වෙළපොලවල් හෝ ක්‍රමයෙන් හීනවන වෙළපොලවල් තුලත් සාරවත් අවස්ථා තිබිය හැක. විකිණුම්කරුවන් සහ ගැණුම්කරුවන් යාකරන Kayamu එවැනි එක් උදාහරණයක් විදියට දක්වන්න පුලුවන්. විකිණුම්කරුවන් සහ ගැණුම්කරුවන් ලංකරමින් ඔව්න් අතර සම්භන්ධය වැඩි දියුණු කිරීම ඔවුන් කළ විශේෂ දෙයක්.


3. ප්‍රාග්ධනය
නව ව්‍්‍යාපාරයක් ආරම්භ කිරීම හා පවත්වාගේන යාම විශාල අවධානමක්. එවැන්නක් පවත්වාගෙන යාමට හොඳ ආයෝජකයින් සහ නිරන්තරයෙන් මුදල් යෙදවීම අවශ්යයි. වියදම් අඩුකිරීම හා ආදයම් වැඩ්කිරගැනීම මෙහිදී ඔබේ ඉලක්කය විය යුතුයි.
සැලසුමක් හදන්න, මූල්ය විශලේෂණයක්ද  සිදුකර ඔබේ ගමන ආරම්භ කරන්න. බර්ලින් නගරයේ කේන්ද්‍ර කරගත් අන්තර්ජාල ආයෝජන සමාගමක් වන Rocket Internet ආයතනය ලෝකයේ මෙන්ම අසියාවේද නව ව්‍්‍යාපාර විශාල ප්‍රමාණයක් සඳහා මුදල් යොදවා තිබෙනවා. ඕනෑම ව්‍්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් ලබාදෙන මේ සමාගම ශ්‍රි ලංකාවේද සිය සේවාවන් ආරම්භ කර තිබෙනවා.


4. කාල නිශ්චය
හැම දේයකටම සුදුසු වෙලාවක් තියෙනවා. ව්‍්‍යාපාර වලදී ඔබේ ව්‍්‍යාපාරය හොදින් ආරම්භ කරන්න ඔබට ලැබෙන්නේ ඉතා කුඩා ඉඩක්. ඔබේ ව්‍්‍යාපාර පටන්ගනේ අලුත් අදහසක් ඒක්කනම් ඔබට එහි මුල් කාලයේදී තරමක් පහසු වෙනවා නමුත් කල්යත්ම තරගකාරීත්වය හා මූල්‍ය මට්ටම අනුව එය ඉතාම අපහසු වැඩක් වෙන්න පුලුවන්. කෙෂ්ත්‍රයේ නැබුරුතා,  තරගකරුවන්, ඔබේ මූල්‍ය මට්ටම, ඔබේ අදහසේ කාලීන බව සැලකිල්ලට ගතයුතු දේවල් වෙනවා.
ඔබ නිතර බැලිය යුතු දේයක් වන්නේ ඔබේ සැලැස්මයි. ඒ ඔස්සේ ගැඹුරින් සිතා ඉදිරියට යා යුතුයි. සෑම දෙයක් ගැනම හොඳ අවධානයක් යොමුකරන්න වේලාව වෙන්කරගන්න.Think. Idea.Try.Do.Do Again.And Again.Keep Doing.Success | Success quotes,  Motivational quotes, Inspirational quotes